යහපාලන ආණ්ඩුව බැඳුම්කර ඇලෝසියස්ලාට රජයේ අක්කර 450ක තේ වත්තක් දීලා! තේ වත්තේ මාසික බදු මුදල රු. 8000යි! බදු කාලය අවුරුදු 30යි!

April 1, 2019 at 9:30 am | by admin

ජෙෆ්රි ඇලෝසියස්ට හා ඔහුගේ පුතු අර්ජුන් ඇලෝසියස්ට කඳපොල මහකුදුගල් තේ වතු යාය වසර තිහකට වත්මන් රජය මගින් පවරාදී ඇති බව පැවසේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් අක්කර 450ක මෙම වතු යාය ලබාදී ඇත්තේ මසකට රුපියල් අට දහස බැගින් වූ මුදලකටය. ඒ අනුව මෙම වතු යාය ලබන 2045 වසර තෙක් ඔවුනට පාලනය කළ හැකිය. ෙ

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව මේ වන විට ජෙෆ්රි ඇලෝසියස් බන්ධනාගාර ගතකර සිටී. මොහු පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපතිවරයාය. මේ වතු ගිවිසුම සිදුකර ඇත්තේ 2015 දීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *