ආණ්ඩුවේ FCID බොරු නඩු මැෂිම රවී වෛද්‍යලංකාර ජනපති ගෙදර යවයි!

February 27, 2019 at 3:54 pm | by admin

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර එම තනතුරෙන් ඉවත් කිරීමට නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය තීරණය කර තිබේ.

FCIDය ආරම්භ කළ අවස්ථාවේ සිට එහි ප්‍රධානියා ලෙස කටයුතු කරමින් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන්ට එරෙහිව දූෂණ වංචා ගොනු කිරීමට කටයුතු කළේ මොහුය. මේ නඩු බොහොමයක් හුදු විරුද්ධවාදීන් දඬයම් කිරීමට ගොනු කළ නඩු ලෙස විවේචනයට ලක් වෙයි.

රවී වෛද්‍යාලංකාර පසුගිය වසරේ විශ්‍රාම යාමෙන් පසු එම තනතුරේ කටයුතු කළේ කොන්ත්‍රාත් පදනම මතය. ඒ දිගින් දිගටම විපක්ෂ දේශපාලන ප්‍රබලයන් බොරු නඩුවලට ගොනු කිරීමට පැවති අසාමාන්‍ය හැකියාව නිසාමය.

කෙසේ වුවද මේ වන විට නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට ගෙන ඇති අතර FCID ප්‍රධානි තනතුරට අනුප්‍රාප්තිකයෙක් පත් කර ඇතැයි වාර්තා වෙයි.

එබැවින් වෛද්‍යාලංකාර භාවිත කළ මෝටර් රථය සහ නිවස භාරදෙන ලෙස නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය දැනුම් දී තිබේ.

රවී වෛද්‍යාලංකාර කෝටි ගණනක් දේපළ අයථා ලෙස උපයා ගත් බවට පසුගිය වසරේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් විය. එහෙත් එය නිසි ලෙස විමර්ශනයට ඉඩ නොලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස