යහපාලන අලි දඩයමෙන් රටට බරක් වෙයි! පන්සලේ හිටි අලි නඩත්තුවට ආණ්ඩුවෙන් කෝටි 24ක්!

December 26, 2019 at 8:30 am | by emanisa.lk

පසුගිය ආණ්ඩු සමයේ පන්සල් සහ දානපතියන් සතුව පැවති අලි අත්අඩංගුවට ගෙන පින්නවල අලි සංරක්ෂණාගාරයට භාර දීමට කටයුතු කළේය. ඒ අදාළ අලි ළඟ තබා ගැනීම නීති විරෝධී බව කියමින් නඩු පවරමිනි.

මෙසේ ඇල්ලූ අලි 17 දෙනෙකු වසර 4ක් තිස්සේ නඩත්තු කිරීමට රු. කෝටි 24ක් රජයට වියදම් කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙයි. දිනකට එක් අලියකු සඳහා නඩත්තු වියදම රු. 10 000කි.

මෙලෙස අත්අඩංගුවට ගත් අලි 19 දෙනොගෙන් එක් අලියෙකුගේ නඩු අවසන්වීමෙන් පසු අදාළ හිමිකරුට ලබා දී ඇති බවත්, අනෙක් අලියා හම්බන්තොට සෆාරි උද්‍යානයේ සිටින බවත් වාර්තා වෙයි.

රට පුරා විහාරස්ථානවල පෙරහැර කරවීමට යොදාගත් මෙම අලි එතෙක් අදාළ පන්සල හෝ දානපතියන් විසින් හොඳින් නඩත්තු කරමින් රැකබලා ගත් අතර අත්අඩංගුවට ගත් එම අලින්ට නිසි රැකවරණයක් පින්නවල නොලැබෙන බවට ද චෝදනා තිබේ.

යහපාලන ආණ්ඩුව මෙම හීලෑ අලි අත්අඩංගුවට ගත්තේ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම් නිසය. මේ සමග රට පුරා පෙරහැර කරවීම ද ගැටලුකාරී විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස