යහපත් රටක් ගොඩනැඟීමට විරුද්ධ අය මරණ දඬුවමට එරෙහිව පාරට බැස්සා! – ජනාධිපති

August 2, 2019 at 9:24 am | by emanisa.lk

මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ඇතුළු බරපතළ අපරාධ පිටුපස තිබෙන ප්‍රධාන සාධකය මත්ද්‍රව්‍ය බවත්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට එරෙහිව විශාල සටනක් ආරම්භ කළේ ඒ නිසා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මරණ දඬුවම ක්‍රියාත්මක නොකර මත් උවදුර පාලනය කළ නොහැකි බවද ජනාධිපතිවරයා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව පාරට බැස ඇති සියලු දෙනා එරෙහි වී ඇත්තේ මරණ දඬුවමට පමණක් නොව යහපත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළේ ඊයේ (01) බණ්ඩාරවෙල නගර ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.

දියුණු රටක් යනු භෞතික සම්පත්වලින් පමණක් නොව විනයගරුක ගුණවත් මිනිසුන්ගෙන් සමන්විත රටක් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එවැනි රටක් ගොඩනැගීමට සූදානම් වන විට ඇතැම් පුද්ගලයන් කකුලෙන් ඇදීමට උත්සාහ කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස