යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති ධුරයට!

March 23, 2019 at 6:09 pm | by admin

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කොදාගොඩ පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම නම යෝජනා කර තිබේ. විනිසුරු දීපාලි විජේසුන්දරගේ නම් ජනාධිපති විසින් යෝජනා කළ ද ව්‍යවස්ථා සභාව විසින් අවස්ථා කිහිපයකදීම එම නම ප්‍රතික්ෂේප කර තිබුණි.

අනතුරුව ජනාධිපතිවරයා විනිසුරු කුමුදිනී වික්‍රමසිංහගේ නම ඒ සඳහා යෝජනා කර දිනක් අැතුළත එය ඉල්ලා අස්කර ගත්තේය.

බැඳුම්කර කොමිසම මෙන්ම බටලන්ද කොමිසම ද නියෝජනය කරමින් ප්‍රබල හරස් ප්‍රශ්න නැඟීම නිසා ඔහු බෙහෙවින් ප්‍රකට විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස