යල කන්නයේ වී මිලට ගන්න කැබිනට් අනුමැතිය…! නාඩු වී කිලෝවකට රු. 50ක සහතික මිලක්…!

July 6, 2021 at 1:17 pm | by emanisa.lk

2021 යල කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගෙන් වී මිල දී ගැනීමට නියමිතය.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති පරිදි නාඩු වී කිලෝවක් රුපියල් 50 කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 52 කට මිලදී ගැනීමට නියමිත අතර කීරි සම්බා වී කිලෝවක සහතික මිල රුපියල් 55 කි.

මෙවර යල කන්නයේ දී මෙරට සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් පහළොස් ලක්ෂය (1,500,000) ඉක්මවා යනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය ඇස්තමේන්තු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *