යටත් වෙන්න ඉඩ දෙනවාද නැද්ද කියලා අපි කතා කළා! හමුදාව අපරාධ කළා! ඒ ගැන මම ළඟ වීඩියෝ තියෙනවා! – ෆොන්සේකාගෙන් තවත් සුදු කොඩි කතාවක්..

March 21, 2019 at 8:33 am | by admin

අවසාන ත්‍රස්ත ගැටුම් සමයේ ශ්‍රී ලංකා හමුදාවට යටත් වීමට පැමිණි අයට යටත් වීමට ඉඩ දෙනවාද නැද්ද යන්න පිළිබඳ කතාබහ වූ බවත් ඒ පිළිබඳ තමන් සතුව වීඩියෝ සාක්ෂි පවා ඇති බවත් හිටපු හමුදාපති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

අවශ්‍ය වුවහොත් එම සාක්ෂි ඉදිරිපත් කරන බව පවසන හිටපු හමුදාපතිවරයා ඒ අවස්ථාවේ වැරදි කළ හතර පස් දෙනෙකු සිටින බව ද ඔවුන්ට දඬුවම් කළ යුතු බව ද අවධාරණය කරයි.

ඇතැම් හමුදා නිලධාරීන් නීති විරෝධි වැඩ කර තිබෙන බවත් විශේෂයෙන් යුද්ධය අවසාන වූ පසු මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවත් ඔවුන් මෙරට නීතිය හමුවට ගෙන ආ යුතු බවත් ඔහු පවසයි.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ළමුන් 11 දෙනෙකු පැහර ගෙන ගොස් මරා දැමීමට සම්බන්ධ බවට සාක්ෂි ඇතැයි ද ඔහු පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වුවද ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ හමුදාපති සරත් ෆොන්සේකා යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායමක් මගින් බව එවක විපක්ෂ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මේ වන විට සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ කැලණිය ආසන සංවිධායකවරයාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස