මෝල් හිමියෝ වී රු. 55ට අරන් හාල් රු. 225ට විකුණනවා…! එක කන්නෙට මිලියන 50ක් ලාභ ගන්නවා…! ගොවියන්ට මුවාවෙලා මෝල් හිමියෝ රකින්න හදන්න එපා…! – කෘෂිකර්ම ඇමැති…

September 10, 2021 at 9:15 pm | by emanisa.lk

වී කිලෝව රු. 55-60ට මිලට ගන්නා මෝල් හිමියා නාඩු කිලෝව රු. 125ට, සම්බා කිලෝව රු. 150ට සහ කීරි සම්බා කිලෝව රු. 225ට අලෙවි කරමින් අතිවිශාල ලාභයක් උපයන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

කීරි සම්බා කිලෝව රු. 225ට අලෙවි කරන්නේ නම් ගොවියාට අවම වශයෙන් රු. 125ක්වත් ගොවියාට ලබා දිය යුතු බව ඇමැතිවරයා අවධාරණය කරයි.

එහෙත් ගොවියාට වී කිලෝවක් සඳහා වැඩි පුර රු. 5ක් ලබා දී සහල් කිලෝවකින් රු. 50ක ලාභයක් ලබා ගන්නා මෝල් හිමියා එක කන්නයක දී රු. මිලියන 50ක ලාභයක් උපයන බව මහින්දානන්ද අලුත්ගමගේ අනාවරණය කරයි.

මේ නිසා පාරිභෝගික ජනතාවට විශාල අසාධාරණයක් වන බවත් වී ගොවියා රැක ගන්නා මුවාවෙන් මෝල් හිමියන් ශක්තිමත් කරන්නට නායකත්වය ලබා නොදෙන ලෙස ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස