මෝල්හිමියෝ තොග සඟවා සහල් හිඟයක් මවති…! හාල් කිලෝව රු. 300ට උස්සන්න මහ මෝලුන් උත්සාහයක…!

June 8, 2022 at 9:49 am | by emanisa.lk

සහල් මෝල්වලින් අවශ්‍ය පරිදි සහල් වෙ​ළඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් රට පුරා දේශීය සහල් හිඟයක් පවතින බවත් විදේශීය සහල්ද ඉතා සීමිත ප්‍රමාණයක් පවතින බව සහල් වෙළෙන්දෝ පවසති.

මෙම හේතුව නිසා තොග වශයෙන් සහල් අලෙවි කිරීම සම්පූර්ණයෙන් නවතා දමා වෙළෙඳසල්වල ඇති සීමිත සහල් තොග ජනතාවට සිල්ලරට විකුණන බව ද ඔවුහු පවසති.

සහල් මෝල් හිමියන් වී හිඟයක් ඇති බව පවසා සහල් ලබා නොදෙන බව ද, සහල් කිලෝවක් රුපියල් දෙසිය හතළිහකට පමණ ඉහළ දැමීමේ සූදානමක් පවතින බව ද සහල් අලෙවිකරුවෝ පවසති.

මේ අතර සහල් උපරිම සිල්ලර මිල රුපියල් තුන්සීයය දක්වා වැඩි කරන බව ප්‍රකාශ කරමින් පවතින සහල් මිල වැඩි කිරීමට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් දෙදෙනකු කළ උත්සාහයක තොරතුරු වෙළෙඳ අමාත්‍යාංශයට ලැබී ඇත.

නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක් ද සම්බා සහල් කිලෝවක් 230ක් ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක් ද ලෙස සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මැයි මස දෙවැනි දින ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *