මෝල්කාරයින්ට හිතුමතේ හාල් ගණන් උස්සත්න බෑ…! ආණ්ඩුව සහල් ආනයනය කර මිල පාලනය කළ යුතුයි…! – නිපුණ සහල් අධිපති රාජ්‍ය ඇමැති….

October 3, 2021 at 2:31 pm | by emanisa.lk

මේ වන විට වී සඳහා හොඳ මිලක් ලැබෙන බව නිපුණ සහල් අධිපති, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පවසයි.

ජනතාවට ද පෝලිම්වල නොසිට හොඳ හාල් ටිකක් ලබා ගැනීමේ හැකියාව ඇතැයි ඇමැතිවරයා සඳහන් කරයි.

කෙසේ වුව ද සහල් මිල ඉහළ යන්නේ නම් වෙළඳුන් වගකීමෙන් කටයුතු නොකරන්නේ නම් සහල් ආනයනය කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

එලෙස සහල් සංචිතයක් තබා ගෙන මිල පාලනය කිරීම වගකිව යුතු ආණ්ඩුවක කාර්යක් බව ද සිරිපාල ගම්ලත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *