මෝදි ශ්‍රී ලංකාවට පැමිණෙයි! ඇමති සජිත්ට ලොකු තැනක්! (photos)

June 9, 2019 at 1:50 pm | by emanisa.lk

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමෙන් අනතුරුව සිය දෙවෙනි නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගත් අතර අද දින පැය 4ක පමණ කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ ඊයේ දින මාලදිවයිනට ගොස් රාත්‍රී මාලදිවයින් පාර්ලිමේන්තුව ද ඇමතීමෙන් පසුය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයක් අනුව ලංකාවට පැමිණි නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ පරිවාර ඇමති ලෙස කටයුතු කරන්නේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසය.

අගමැති මෝදි පිළිගැනීමට අගමැති රනිල් ද ගුවන්තොටුපළට ගොස් තිබිණි.

මෙම සංචාරය අතරතුර ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති අගමැති විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානය ද මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස