මෝදි ලඩාක් ප්‍රදේශය ප්‍රාන්තයක් කරයි! ඉන්දියාවේ ප්‍රථම බෞද්ධ ප්‍රාන්තය බිහිවෙයි!

August 7, 2019 at 12:00 am | by emanisa.lk

ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් (union territory) ලෙස නම් කිරීමට එරට ආණ්ඩුව පියවර ගෙන ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

උතුරු ඉන්දීය දේශසීමා ආස්නනයේ ජම්බු කාෂ්මීරයට අයත්ව තිබූ ලඩාක්හි ජනගහනයෙන් 70%ක් පමණ බෞද්ධයන් වන බවත් මේ අනුව ලඩාක් ඉන්දියාවේ ප්‍රථම බහුතර බෞද්ධ ජනගහනයක් සහිත ප්‍රාන්තය වන බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

එම ප්‍රදේශය සංචාරයට සුදුසු සොඳුරු ප්‍රදේශයක් බව අගමැතිවරයාගේ අදහසය. අගමැතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයක් පදනම් කරගෙන අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.

ලඩාක් ප්‍රදේශයට වර්ග කිලෝ මීටර් 59 196ක් හෙවත් සමස්ත ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයට බොහෝ දුරට සමාන විශාලත්වයකින් හෙබි අතර ජනගහනය 274 289කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස