මෝදිලා කියන්නේ බොරු! ලංකාවේ කොරෝනා මර්දනය ෆේල්! ආණ්ඩුව රටට හමුදාවට කොරෝනා බෝ කළා! සජිත් කී දේ ඇහුවා නම් අද රටේ කොරෝනා නෑ! – කිරිඇල්ල

June 7, 2020 at 10:01 am | by emanisa.lk

රටටත් ත්‍රිවිධ හමුදාවටත් කොරෝනා බෝ කළේ ආණ්ඩුව බව සමගි ජන බලවේගයේ මැතිවරණ අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ජනවාරි සහ පෙබරවාරි මාසවල ගුවන්තොටුපළ වසා රට වසා දමන ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමා ආණ්ඩුවට දැන්වුව ද එය ඉටු නොකළ බව ද හෙතෙම සඳහන් කළේය.

මාර්තු මස නාම යෝජනා දෙනතුරු රට විවෘතව තැබූ බවත් රටෙන් කොරෝනා රෝගීන් වාර්තා වූයේ ජනවාරි 08 සිට මාර්තු 20 දක්වා කාලය තුළ බවත් කිරිඇල්ල පවසයි.

මාර්තු 20 තෙක් කිසිදු නිරෝධායනයක් නොකළ බවත් කණ්ඩායම් 05ක් ලංකාවට පැමිණි බවත් සඳහන් කරන කිරිඇල්ල වැඩි දුරටත් සඳහන් කරන්නේ ඒ නිසා රටට කොරෝනා බෝ වුණ බවත් ආණ්ඩුව ඊට වගකිව යුතු බවත්ය.

ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ අසාර්ථක බවත් මෝදි ඇතුළු පිටරට නායකයන් සහ සංවිධාන ලංකාව වර්ණනා කරන්නේ බොරුවට බවත් හෙතෙම පවසයි.

සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස