මොරටුවේ හෝටලයට වෙඩි තබා පළායන තුරු බලා සිටි පොලිසියේ තුනකගේ වැඩතහනම්!

May 30, 2020 at 4:54 pm | by emanisa.lk

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි මැරකල්ලියක් විසින් වෙඩි තබා පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවය.

වෙඩි තැබූ සැකකරුවන් පලා යාන අවස්ථාවේ දී කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත එම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් විමර්ශන සිදු කරනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව