මොරටුවේ ජනතාවට දුන් එන්නත් පිළිබඳ නිල වාර්තා නෑ…! නගරාධිපතිගේ වැඩපිළිවෙළ වැනසූ නිලධාරීන්ගේ කෙරුවාව මෙන්නන….!

July 17, 2021 at 9:02 am | by emanisa.lk

මොරටුව නගර සභාවේ ජනතාව වෙත ලබා දුන් එන්නත් ප්‍රමාණය පිළිබඳ නිවැරදි දත්ත ලබා දීමට අදාළ සෞඛ්‍ය බලධාරීන් අසමත්ව තිබේ.

මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් ජුනි මස ආසාදිතයින් 550ක් සහ ජුලි මස 15 වන දා වන විට ආසාදිතයින් 83ක් වාර්තා වී තිබේ.

කෙසේ වුව ද මෙම කාලය තුළ ලබා දුන් එන්නත් සහ සිදුකළ පීසීආර් ප්‍රමාණය පිළිබඳ ජවිපෙ නාගරික මන්ත්‍රී සුදේශ් ඉන්ද්‍රජිත් විමසූ අවස්ථාවේ ඊට නිසි පිළිතුරු ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් අසමත් ව ඇත.

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු විසින් එන්නත්කරණය සඳහා සකස් කළ විධිමත් ටෝකන් වැඩපිළිවෙළ කඩාකප්පල් කළ බවට ද මෙම සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා නැඟෙයි.

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවැති මොරටුව සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී මෙම කරුණු අනාවරණය වී තිබේ.

මොරටුව සම්බන්ධිකරණ කමිටුව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, මොරටුව නගරාධිපති ඩබ්. සමන් ලාල් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් ඊට එක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *