මොනරාගල එජාප දිස්ත්‍රික් බලමණ්ඩලයත් සජිත්ට!

March 8, 2020 at 1:38 pm | by emanisa.lk

සමගි ජන බලවේගයෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට මොණරාගල එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් බළ මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.

ඒකඡන්දයෙන් එම තීරණයට එළඹ ඇති බව වාර්තා වෙයි.

මොනරාගල එජාප නායකත්වය දරන්නේ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරය.

මහනුවර එජාප දිස්ත්‍රික් බලමණ්ඩලය ද ඊයේ ප්‍රකාශ කළේ තමන් ද සමගි ජන බලවේගය සමග එකතු වන බවය. එම දිස්ත්‍රික්කයේ නායකත්වය දරන්නේ ලක්ෂ්මන් කිරිඇල්ලය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස