මෛත්‍රී විවේක ගන්න කතා බොරු! කඩිමුඩියේ පාර්ලිමේන්තුවට!

December 13, 2019 at 4:37 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මීළඟ මහ මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට සුදානම් බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා එජනිස ජාතික ලැයිස්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි වෙනුවට මෙසේ දිවුරුම් දීමට නියමිතය.

ඒ.එච්.එම්.ෆවුසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළ බවට තීන්දු කොට මන්ත්‍රී ධුරයෙන් නෙරපා තිබේ.

විවේක සුවයට වඩා සක්‍රීය දේශපාලනයට තමා ඇළුම් කරන බව මෙයට පෙර හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.

ඊට පසු හිටපු ජනාධිපතිවරයා පවුල පිටින් මාස තුනක් සඳහා එංගලන්තය බලා යන බව ද වාර්තා විය..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස