මෛත්‍රී රජිත් ඉල්ලා අස්වීමේ නාටකය නිමයි! හෙට නැවතත් දිවුරුම් දෙයි!

August 4, 2019 at 12:19 pm | by emanisa.lk

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ඉල්ලා අස්වී ඇත්තේ ඒ ඒ පළාත්වල ශ්‍රිලනිප නායකයන්ගෙන් එල්ල වී ඇති විරෝධය හමුවේ බව එම පක්ෂ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දකුණු පළාත් ආණ්ඩුකරුට මහින්ද අමරවීර ද මධ්‍යම පළාත් ආණ්ඩුකරුට දයාසිරි ජයසේකර ද ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළකර තිබේ.

මේ අනුව ජනාධිපතිවරයා රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීම සඳහා තීන්දු කර ඇත්තේ දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයටත් පත් කිරීමටය.

ඒ අනුව ඊයේ සහ අද (4) ඉල්ලා අස්වූ ආණ්ඩුකාරවරු හෙට නැවත ජනාධිපතිවරයා ඉදිරියේ ආණ්ඩුකාර ධුරවල දිවුරුම් දෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස