මෛත්‍රී ජනපති අපේක්ෂක කරන ජාතික ආණ්ඩු බෑ! ජනාධිපතිවරණයට එන්නේ නැත්නම් රනිල් එජාප නායකත්වයනේ යන්න ඕන! – ෆොන්සේකා අමුතු ගේමක…

March 27, 2019 at 11:28 am | by admin

ජාතික ආණ්ඩුවක් සෑදිය හැකි වුවත් පෙර පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමා එකඟ නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවති දීගය අතහැර දැන් දික්කසාද වී ඇති බව ද හෙතෙම පැවසීය.

කැලණිය ප්‍රදේශයේ පැවති ඊයේ (26) උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඇතැමුන් ජනාධිපති අපේක්ෂකත්වය ගැනීමට ජාතික ආණ්ඩු තැනීමට සූදානම් වන බව පැවසූ හෙතෙම දවල් වැටුණ වලේ-රෑ වැටීමට කිසිසේත්ම සුදානමක් නොමැති බව ද එක්සත් ජාතික පක්ෂයේ නායකයා නිසකයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ද සඳහන් කළේය.

එජාපයේ නායකයා එම තනතුරේ සිටින්නේ නම් සජිත් හෝ කරූ නොව ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ද පැවසු මන්ත්‍රීවරයා, ඔහු ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

මේ අනුව මෙවර ජනාධිපති අපේක්ෂකත්වය කරූ ජයසූරියට හෝ වෙන කිසිවකුට ලබා දුනහොත් රනිල් වික්‍රමසිංහට එජාප නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *