මෛත්‍රී ගෙදර යන්න කලින් සිංහරාජය තුන් ගුණයකින් ලොකු කරලා!

November 24, 2019 at 2:09 pm | by emanisa.lk

සිංහරාජය වටා ඇති පරිවාර වනාන්තර නවයක් එකතුකොට එය වැසි වනාන්තර සංකීර්ණයක් ලෙස දක්වමින් සිංහරාජය තුන් ගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් විශාල කිරී‍මේ අති විශේෂ ගැසට් පත්‍රයකට අත්සන් තැබීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය නොවැම්බර් 11 වැනි දින කටයුතු කර තිබේ.

ඒ අනුව හෙක්ටයාර් එකොළොස් දහසක්ව පැවති වනාන්තර වපසරිය හෙක්ටයාර තිස්හය දහස් හාරසිය හැත්තෑ පහක් දක්වා මෙමගින් වැඩිකර ඇත. දෙල්වල වලන්කන්ද, පන්නිල, නාහිටිමූකලාන, මාදම්පෙ වනාන්තරය, බෙල්ලව, තිබුරාවල, හොරකන්තැලිය, රුහුණුකන්ද, මොරපිටිය යන පරිවාර වනාන්තර මෙසේ සිංහරාජයට අලුතින් ඇතුළත්ව තිබේ.

පරිසරවේදීන්ගේ දැඩි ඉල්ලීම මත සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත සිදුවූ මෙය මෑතකාලීනව පරිසර සංරක්ෂණය උදෙසා ගත් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

මෙම කර්තව්‍යය සිදු කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත කිරීමට සිදුවූයේ එහි මිණුම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ ජනරාල් ඩබ්ලිව්.එම්.සී. වේරගොඩ පැවසීය.

මෙම පරිවාර වනාන්තර ඈත අතීතයේ සිංහරාජයේ කොටස්ව පැවති නමුත් පසුව ඒවා යෝජිත රක්ෂිත තත්ත්වයේ පවත්වාගෙන යාම මගින් නිසි රැකවරණයක් එම පරිවාර වනාන්තර සඳහා නොලැබුණු බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස