මෛත්‍රී එක්ක ඉදිරි ගමනක් නෑ! දයාසිරි පොහොට්ටු ප්‍රධානීන් අමතයි!

March 5, 2020 at 5:53 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‌ෙයේ සභාපතිවරයා වන ‌මෛත්‍රීපාල සිරිසේනගේ වත්මන් ක්‍රියාකලාපය මුල්කරගෙන එහි මහ ලේකම් දයාසිරි ජයසේකර ‌මේ දිනවල දැඩි කළකිරීමට පත්ව සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි.

එම ආරංචි මාර්ග ‌පෙන්වා ‌දෙන්නේ පසුගිය දිනෙක මෛතීපාල ‌සිරිසේන පොළොන්නරුවේදී කළ උකුසු කතාව සහ පක්ෂය පසෙක තබා ඔහුගේ රුව පමණක් ‌යොදාගනිමින් සියලුම ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කිරීම මේ සඳහා ‌හේතු වී ඇති බවය.

පසුගිය සමයේ හිටපු ජනාධිපතිවරයා නිතර වේදිකාවෙි අවධාරණය කළේ පක්ෂ නොව වැදගත් රට බවය.

මේ පිළිබඳව ඉතාම කළකිරීමෙන් යුතුව අදහස් දක්වා ඇති දයාසිරි ජයසේකර මෙවන් පුද්ගලයකු සමග කිසිසේත්ම ඉදිරි ‌දේශපාලන ගමනක් යා ‌නොහැකි බව ප්‍රකාශ ‌කොට ඇති බවද දැනගන්නට තිබෙනවා.

එමෙන්ම ‌පොහ‌ොට්ටුවේ ප්‍රධානීන් සමගද දයාසිරි ජයසේකර ‌මේ පිළිබදව ඉතා කනගාටුවෙන් යුතුව අදහස් ප්‍රකාශ ‌කොට ඇති බවද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස