පොහොට්ටුවෙන් දිනා මෛත්‍රී සහ ශ්‍රිලනිපය සජිත්ට එකතු වෙනවා!

March 17, 2020 at 1:12 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් විශාල පිරිසක් මහ මැතිවරණයෙන් අනතුරුව සමගි ජන බලවේගය සමගින් එක්වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන තුරු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සිය පර්ශවයේ තබා ගත්තද ඉන්පසුව ඔහුව පලවා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පවසයි.

එම නිසා අවසානයේ සිදු වන්නේ මෛත්‍රීපාල සිරිසේනට සමගි ජන බලවේගය සමඟ එකතු වීමට බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස