මෛත්‍රීට ගමට යන්න බැරි වුණාට මට පුළුවන්…! වයඹ මහ ඇමැති වෙන්න මට කිසි අභියෝගයක් නෑ…! – දයාසිරි..

October 14, 2021 at 8:25 am | by emanisa.lk

කාට ගමට යන්න බැරිවුණත් තමන්ට තවමත් ගම හුරු බවත් පක්ෂය අවසර ලබා දෙනවානම් වයඹ පළාතේ ප්‍රධාන ඇමැති ධූරයට තරග කිරීමට තමන් සූදානම් බවත් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි.

වයඹ ජනතාවගේ අඩුපාඩු, දුෂ්කරතා හා ඕනෑ එපාකම් හොඳින් හඳුනන තමට වයඹ පළාත ජයගැනීම අසීරු නොවන අතරම අභියෝගයක් වීමට තවමත් පෙනෙන තෙක්මානයක කිසිවකු නැති බවත් රාජ්‍ය ඇමැතිවරයා කියයි.

වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ දී ඊයේ (13) මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේ දී රාජ්‍ය ඇමැතිවරයා ඒ බව සඳහන් කර සිටියේය.

මැතිවරණයක් පැවැත්වීමට ප්‍රථම මෙරට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවත්. ඡන්ද ක්‍රමය ද සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවත් වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *