ජනතා බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි තමා කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්නා තීන්දු තීරණවලට යටත් නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අවධාරණය කරයි.
මධ්‍යම කාරක සභාවේ සිටින පුද්ගලයින්ට වඩා පාර්ලිමේන්තුවේ සිටින තමා හොඳින් දේශපාලනය දන්නා බවත් ඔවුන්ට තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සිය පක්ෂයේ ඇතැම් දේශපාලන කරුණු සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සමාජගත කරමින් සිටින බව ද චාමර සම්පත් චෝදනා කරයි.