මෛත්‍රීට එල්ලෙන්න වැලේ වැල් නෑ.. රනිල් සහයෝගය එපා කියයි…!

August 16, 2024 at 2:30 pm | by emanisa.lk

ජනාධිපතිවරණයේ දී තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට කැමැති යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පණිවුඩකරුවන් එවා තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි, අමාත්‍යවරයා අනාවරණය කළේ.

විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහයෝගය තමන්ට අවශ්‍ය නැති බව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇතැයි මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

“පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එන මං නැති තත්ත්වයට පත් වී සිටිනවා. කිසිදු පක්ෂයකින් ඔහු බාරගන්න කැමැති නෑ. තමන් පිළිබඳ විශ්වාසය තමන්ම පළුදු කර ගත්තාම උරුම වෙන්නේ මහමඟ තමයි.

දැන් කොහේ හරි කුණු ගොඩක් හොයනවා ඇති. ඒකට සම්බන්ධ වෙන්න. නමුත් හිටපු ජනාධිපතිවරයෙක් මේ තරම් පහත් තත්ත්වයකට ඇද වැටීම ගැන අපි කනගාටුවට පත් වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *