මේ සිංහල බෞද්ධ රටක් නෙමේ කියලා ජනතාව කුපිත කරන දේශපාලකයෝ ගැන ලැජ්ජයි! – රවීගෙන් මංගලට කනේ පාරක්…

May 17, 2019 at 1:37 pm | by admin

රට සාමකාමී ලෙස ඉදිරියට යන අවස්ථාවක දේශපාලකයන් ජනතාව උසි ගන්වා ජනතාව කුපිත කරවා ප්‍රශ්න ඇති කිරීම ලැජ්ජා සහගත බව ඇමති රවී කරුණානායක පවසයි.

ජනතාව උසි ගන්වන අසමගිය වර්ධනය කරන විහිළු සැපයීම නතර කළ යුතු බව පැවසූ ඇමතිවරයා ශ්‍රී ලංකා සිංහල බෞද්ධ රටක් බව පිළිගෙන කටයුතු කළ යුතු යැයි ප්‍රකාශ කළේයය.

මෙවැනි ගැටුම්කාරී අවස්ථාවක රට තුළ ඉතා පහසුවෙන් ප්‍රචණ්ඩත්වය ඇති කළ හැකි බවත් සමහරු ඒ සඳහා උල් පන්දම් දෙන බවත් පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේ එකම රටක් එකම ජාතියක් සහ එකම නීතියක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙන යා යුතු බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස