මේ වෙලාවේ මහා මැතිවරණයකට ගියොත් අපි පරදිනවා! ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවීමට මම විරුද්ධයි! – නලින් බණ්ඩාර

November 19, 2019 at 11:13 pm | by emanisa.lk

තැපැල් ඡන්දයට පෙර දින අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සජිත් ප්‍රේමදාස ජයගත් පසු එම ආණ්ඩුවේ අගමැතිවරයා තමා යැයි ප්‍රකාශ කිරීම සිය ඡන්ද පදනම විශාල අභියෝගයක් වූ බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර පවසයි.

එසේම පාස්කු ත්‍රස්ත ප්‍රහාරය, ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නිසා බෞද්ධයන් ඈත්වීම, මිලේනියම් චැලේන්ජ් ගිවිසුම, මාධ්‍ය ඔස්සේ ප්‍රමාණවත් ඉඩක් නොලැබීම, ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම මෙම පරාජයට බලපෑ තවත් සාධක බව හෙතෙම පවසයි.

සජිත් ප්‍රේමදාසගේ කකුලින් අදිමින් ඔහු පරාජයට පත්කළ පක්ෂයේ කණ්ඩායම් හදිසි මහා මැතිවරණයක් පවත්වා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ඊට තමා විරුද්ධ බවත් හෙතම පවසයි.

වර්තමාන පක්ෂ නායකත්වය යටතේ තව දුරටත් කටයුතු කළ නොහැකි බවත් වහාම පක්ෂ නායක්වය සහ නිලධාරී මණ්ඩලය වෙනස් විය යුතු බවත් නො එසේ නම් තමා එජාප බිංගිරිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස