මේ වෙලාවේ ඡන්දේ තිබ්බොත් ආණ්ඩුව දිනනවා! ඒ නිසා අපට වාසි වෙනකල් ඡන්ද එපා! – විපක්ෂය මැකො ළඟ වැඳ වැටෙයි..

April 25, 2020 at 10:04 am | by emanisa.lk

වර්තමාන තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුවට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් නොමැතිව ජයගත හැකි බව විපක්ෂයේ මතය වී තිබේ.

මැතිවරණ කොමිසම මහ මැතිවරණය සඳහා ජුනි 20 වෙනිදා දින නියම කිරීමට පසු පක්ෂ නායක සහ නියෝජිතයන් මැතිවරණ කොමිසම හමු වූ අවස්ථාවේ අනුර කුමාර දිසානායක, රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් මෙන්ම රවි කරුණානායකත් එම තීන්දුව විවේචනය කරමින් මෙසේ පවසා තිබේ.

“තවම කොරෝනා වසංගතය මැඩපවත්වා නැහැ. සෞඛ්‍ය අංශ ඒ බව ප්‍රකාශ කරනවා. එහෙම තත්ත්වයක් තුළ කොහොමද ඡන්දයක් තියන්නේ? ආණ්ඩුව බඩු මලු බෙදනවා. රුපියල් 5000 ඒවා බෙදනවා. ආණ්ඩුවට අලුත් කැම්පේන් එකක් අවශ්‍ය නැහැ. ඒත් විපක්ෂයට එවැනි අවස්ථාවක් නැහැ.” ආදී වශයෙන් කියමින් විපක්ෂයේ පක්ෂ නායකයෝ කරුණු කියන්නට වූහ.

ඒවා සියල්ලටම පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කරුණු පැහැදිලි කළේය.

“අපට අවශ්‍ය මුලින්ම කොරෝනා මැඩපවත්වන්න. ඊළඟට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වන්න. ඇතැම් කරුණු අපි පිළිගන්නවා. අපි දින නියම කළේ ව්‍යවස්ථානුකූලවයි. ඡන්ද සටන සම බිමේ තියන්න අවශ්‍යයි. අපි ගත්ත ක්‍රියාමාර්ගවලට එකඟ නැත්නම් කාටහරි වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

අනෙක් අතට අපි තවත් සති දෙකකින් රැස්වෙනවා. පක්ෂ නායක රැස්වීමක් ජූනි මස 02 වැනිදා පැවැත්වෙනවා. එදිනම කොමිසමත් රැස්වෙනවා. ඒ අනුව රටේ පවතින තත්ත්වය අපට සමාලෝචනය කරන්න පුළුවන්. ඒ වන විටත් කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙනවා නම් අපට ආයෙමත් මැතිවරණ දිනය කල් දාන්න ප්‍රතිපාදන තියෙනවා.” යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස