පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරගැනීමට නොහැකි වී ඇත්තේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පවසයි.
තේවත්ත, ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේදී පැවැති නත්තල් ප්‍රධාන දේව මෙහෙයට එක් වෙමින් කොළඹ අගරදගුරුතුමා මේ බව ප්‍රකාශ කළේය.
“මේ විදිහට මේ රට දියුණු කරන්න බෑ . මේ රට තුළට පරිවර්ථනයක් අවශ්‍යයි. විප්ලවීය වෙනසක් අවශ්‍යයි මේ යන ගමන් මාර්ගය වෙනස් කළ යුතුමයි. මේක දේශපාලන ලෝකේ අයට විතරක් බලපාන දෙයක් නෙමෙයි අපි හැමෝටම බලපානවා. මේ සමාජය අර්ථවත් කරන්නට නම් යහපත් කරන්නට නම්. අපි අදහන අධ්‍යාත්මික ප්‍රතිපත්ති පළවෙනි තැනට දාලා කටයුතු කරන ඕනේ.
එක අපි හැමෝගේම යුතුකම එය දේශපාලකයන්ගේ යුතුකම විතරක් නෙමෙයි එය පුරවැසියන්ගේත් යුතුකම. එය පුරවැසියන්ගේ යුතුකම විතරක් නෙමෙයි එය දේශපාලකයින්ගේ යුතුකම. එය අපි හැමෝගෙම යුතුකම.
එහෙම කළේ නැත්නම් අපේ සමාජය හදන්න බෑ .එන්න එන්න අපේ සමාජය පිරිහෙමින් පවතිනවා. පරිසර දුෂණය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. අපේ ලස්සන හරිත රට වියළි කාන්තාරයක් බවට හැරෙමින් පවතිනවා. ක්‍රම ක්‍රමයෙන් වන සම්පත විනාශ වෙමින් පවතිනවා.
අත්මාර්ථකාමිත්වය නිසා සල්ලි හම්බකරන්න තියෙන කෑදරකම නිසා නිදහස් වෙළඳ ආර්ථික ක්‍රමය ගෙනාවට පස්සේ පිට රටින් ගේන ඒවා කාලා බීලා ජීවත් වෙනවා මිසක් අපේ රටේ ඒවා නිෂ්පාදනය කරගන්න කිසිම සැලස්මක් නෑ.”