මේ වගේ කාලෙට සංවර්ධන වැඩ වැඩිපුර කරන්න ඕන…!එහෙම නෑ කියන්නේ එක්කො මෝඩයෝ….නැත්නම් කුහකයෝ…! – රාජ්‍ය ඇමැති ගොඩහේවා…

August 28, 2021 at 10:54 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා තබන ලද ෆේස්බුක් සටහනකි.

“මෙච්චර ප්‍රශ්ණයක් රටේ තියෙද්දී ආන්ඩුව ඕවද කරන්න ඕනෑ ? “……. ඔබ මෙවැනි ප්‍රකාශ මුහුණු පොතේ දැක ඇති බව නොඅනුමානයි.

රටක ආර්ථිකය යනු ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. රට තුල සිදුවන ගනුදෙනු ( Exchanges) ප්‍රමාණය වැඩි වන විට දළ ජාතික නිෂ්පාදිතය වැනි රටේ ආර්ථිකය මනිනා දර්ශක ඉහළ යාමක් දැකිය හැකි අතර ගනුදෙනු ප්‍රමාණය අඩුවන විට එම දර්ශක පහළ යනු දැකිය හැකිය.

ආර්ථික අවපාතයක් ඇති විට ආර්ථිකය සක්‍රීය කිරීම සඳහා කළ යුත්තේ රටේ මුදල් භාවිතය නියාමනය කරන්නා ලෙස රජයේ මැදිහත් වීමෙන් කරනා සංවර්ධන කටයුතු තවත් සක්‍රීය කිරීම මිස රජය විසින් පටි තද කර ගැනීම නොවේ. (මේ කතා කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ විශාල වශයෙන් සිදුවන නාස්තිය අඩු කර ගැනීම ගැන නොව පලදායී සංවර්ධන වියදම් කපා හැරීම ගැනය). මන්ද රජය විසින් කරනා සෑම වියදමක්ම තවෙකෙකුට ආදායමක් වී (කොන්ත්‍රාත් කරුවන්ට හා සැපයුම්කරුවන්ට ආදායම් ඔවුන්ගේ සේවකයන්ට වැටුප් ආදී වශයෙන්) රට තුළට ගලා යන නිසාය.

මේ මුදල් ඔවුන්ගේ අවශ්‍යතාවෙනුවෙන් යළි යළිත් සංසරණය වන විට තවත් බොහෝ දෙනෙකුට එය ආදායමක් වේ (කඩ හිමියන්, නිෂ්පාදකයන් ස්වයං රැකියා කරන්නන්ගේ ආදායම හා ඔවුන්ගේ සේවකයන්ගේ වැටුප් ආදී වශයෙන්). ආර්ථිකය සක්‍රීව පවත්වා ගැනිමට එය රුකුලක් වේ. ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කිරීමට, රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට රජයට ඍජු හා වක්‍ර බදු මුදල් එකතුවන්නේ ආර්ථිකය සක්‍රීය පැවතියොත් පමණි.

රටේ ජනතාව ක්ෂේත්‍ර ගණනාවක රැකියා හා ව්‍යාපාර කරති. ඒ නිසා මේ වෙලාවේ රජය අන් සියලු වියදම් නවතා ඒ සියල්ල එක් දෙයක් වෙනුවෙන් පමණක් වියදම් කළ යුතුය කියා කීම ආර්ථිකය ගැන කිසිදු අවබෝධයක් නැත්තෙකු නොදැනුවත්කම කරනා නිසා ප්‍රකාශයකි. එසේත් නැත්නම් සිතා මතා රටේ ජනතාවට අගතිය ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙකුගේ කපටි දේශපාලන ප්‍රකාශයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස