මේ වන විට රටේ ඇත්තේ කැලෑ කපන පරිසරය වනසන ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එහෙයින් මේ රටේ ජනතාව එක් වී ඒ පරිසර විනාශය නතර කළ යුතු බව ඔහු සඳහන් කරයි.
ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය දීමට සූදානම් බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ය.
පරිසරය රැක ගැනීම සඳහා තම පක්ෂය මගින් පරිසර භට කණ්ඩායමක් පිහිටු වන බව ද ඔහු අනාවරණය කළේ ය.
මැද කොළඹ පැවැති උත්සව සභාවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.