මේ රටේ ලොකුම පිළිලය රනිල් මහින්ද නොව අනුර කුමාරයි! සදාචාරයක් නැති වාසියට ඕන ජරා වැඩක් මිනිහෙක්! -අධිනීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

March 14, 2019 at 5:12 pm | by admin

රට නිවැරදි මාර්ගයකට මෙහෙයවීමට ඇති ලොකුම භාදකය නැතහොත් පිළිලය රනිල්, රාජපක්ෂ හෝ සම්බන්ධන් නොව මේ සැමදෙනා පසු පස දනින් වැටෙමින් තම වාසියට රටේ ජනතාව මුලාකරන, පාවා දෙන, පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මයිල් ගසක් තරම්වත් නොවටින ජවිපෙ වර්තමාන නායකත්වයයි.

වරෙක මොහු රාජපක්ෂ බලයට ගෙන ඒමට හැකි සෑම ප්‍රයත්නයක්ම දැරීය. පසුව රාජපක්ෂ නිදහසේ මවුබිම මංකොල්ල කනවිට ඔහුට එරෙහිව වික්‍රමසිංහ සරණ ගියේය. වික්‍රමසිංහගේ සිහිනය සැබෑ කිරීමට, ඔහු මහා බැංකුව මංකොල්ලකෑ බව දනිමින්ම, ඔහුට විධායක ජනාධිපති බලතල වංචනිකව පැවරීමට, රට්ටු මුලාකරමින් 20 වන සංශෝධනයක් ගෙනවිත් පස්ස බිම ඇන ගත්තේය. දැන් නැවතත් මොහුට රාජපක්ෂට වඩා වෙනත් රජෙක් නැත.

දේශපාලන පක්ෂයක් වූ විට පැහැදිළි ප්‍රතිපත්තියක් තිබිය යුතුය. දැන් මොහු දත නියවන්නේ නැවත වතාවක් රාජපක්ෂට බලය පැවරීම සඳහා ඔහු වෙනුවෙන් නැවත ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමටය.

තමන් රටේ නීතිය, සදාචාරය ගරු නොකරන තම වාසියට ඕනෑම ජරා වැඩක් කිරීමට ඉදිරිපත් වන අයකු බව මොහු රට්ටුන්ට ක්‍රියාවෙන්ම ඔප්පු කර අවසානය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස