මේ රටේ ජනතාව කවදා හරි කියයි, ගෝඨාභය ජනාධිපතිතුමා නිසයි අපි ජීවත්වෙන්නේ කියලා….! – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර….

July 10, 2021 at 2:52 pm | by emanisa.lk

පසුගිය සමයේ පඳුරක් පඳුරක් ගානේ පැටව් ගැසූ පරිසරවේදීන් රසායනික පොහොර තහනම සමඟ අතුරුදන්ව ඇතැයි අපනයන ප්‍රවර්ධනරාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

“අපේ රටේ හැටියක් තමයි හොද වැඩක් පටන්ගත්තත් විරුද්දකාරයන් ගොඩක් ඉන්නවා. පාසල් දහසක් හදනවා කන්න්ගර යුගයට අපි ආපසු යනවා. මගේ ආසනේ අසල මතුගම තමයි කන්න්ගර මහත්තයා එතුමට මොකද වුනේ. එතුමා අධ්‍යාපනයේ පියා ගෙදර ගියා ගස්කපපු මිනිහා පාර්ලිමේන්තු ගියා. ඒ අපේ රටේ හැටි දැන් අධ්‍යාපනයේ පියා කන්න්ගර මහත්තය කියල ඒ ප්‍රතිපත්ති ගේනවා.

බණ්ඩාරනායක මැතිණිය එතුමිය මේ රටේ සෑම බිම් අගලක්ම වගා කලා. කොරෝනා වෙලාවේ එතුමියගේ ප්‍රතිපත්තිය හොදයි කියල සමාජ ජාලාවල පින්තූර දැම්මා. එහෙම තමයි අපි. ජනාධිපතිතුමා මේ ගත්ත තීන්දුව අනාගතයේදී දුරුවන් කියයි ගෝඨාභය ජනාධිපත්තුමාට පින්සිද්ධවෙන්න තමයි අපි ජීවත්වෙලා ඉන්නේ කියල. ‍නිරෝගීමත් මනුස්සයෙක් ඉන්න ඕන. ඉතින් අපිට ලොකු කාර්යභාරයක් තියනවා.

ඔබලා කිසි දෙයකට බයවෙන්න එපා අපි මේ වස කන වැඩේ නතර කරල මේකට මුහුණදීල මේකෙන් ජයගන්න ඕන. දැනුවත්කිරීමේ අඩුපාඩුවක් තියෙනවා. කෘෂි ක්ෂෙත්‍රයේ ඉන්න අය ගමේ යවන්න ඕන මේ වැඩේට.

අපේ සියයට අසූපහක් ඉන්නේ ගොවිතැන කරන අය.මේ ඇඹිලිපිටියේ. මේ අයට අපිට දෙන්න පුලුවන් ඕනතරම් දේ තියෙනවා. මේ කහ පැල වගේම අනෙකුත් ගොවිතැන් සදහා අවශ්‍ය සියලුම පැල අපි මුදල් අය කරගැනීමෙන් තොරව දෙනවා. වගා කරන්න පුලුවන් ප්‍රෙද්ශ වල අපනයන කලාප ඇති කරල වගාකරන්න පුලුවන් සෑම ඉඩමකමකමව වගා කරන්න පුලුවන් වැඩ පිළිවෙලක් අපි හදලයි තියෙන්නේ අපි වගාකරන්න පුලුවන් දේවල් පමණක් ඒ ඒ ප්‍රදේශවලට අපි ලබා දෙනවා.

අඹ වගා කරන්න පුලුවන් ප්‍රදේශවලට අපි අඹ ලබා දිය යුතුයි. එහෙම නැත්නම් ගම්මිරිස් දීල වැඩක් නැහැ. ඒ ඒ පැති වලට ආවේනික බෝගයන් වගා කරන්න ඕන.

අපි ගම්මිරිස් පැලටික කජු පැල ටික,කුරුදු පැලටික,කහ පැලටික දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ වෙලාවේ අපි ඔක්කොම එකතුවෙලා මේ ගොවියට යමක් ලබල දෙන්න ඕන. ජනාධිපතිතමාගේ බලාපොරොත්ත තියෙන්නේ ගොවියා ශක්තිමත් කරන්න. අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි ගොවිතැනට මුල්තැන දෙනන. අපි හැම වෙලාවෙම ගොවිජනතාවට සහන ලබාදෙනව වගේම උපදින දරුවන්ටත් එක්කයි මේ වැඩ කරන්නේ.

දැන් වකුගඩු රෝගීන් පිලිකා හැදුනු රෝගීන් කොපමන ඉන්නවද? මේ අයට සහනයක් දෙන්න ඉපදෙන්න ඉන්න දරුවෙකුට හරි නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් දෙන්නයි මේ හදන්නේ. අපි මලගෙවල් 10ක ගියොත් නවයකම යන්නේ වකුගඩු හෝ පිළිකා හැදිල මැරුණ ගෙවල් වල.

පසුගිය දවස්වල අපි වෙනුවෙන් කතාකරන්න කොච්චර කට්ටිය හිටියද? මේ රටේ විතර පරිසර වේදියෝ කොහේවත් හිටියේ නැහැ. කොට ලොරියක් යනව දැක්ක ගමන් මේ අය කලබල වෙනව. මේ අය කිව්වා ලෙඩේට බෙහෙත්දීල වැඩක් නැහැ කියල මූලාශ්‍රයට බෙහෙත් දෙන්න ඕන කිව්වා. වකුගඩු රෝගය හැදෙන්නේ කොහෙද එතනට බෙහෙත දෙන්න ඕන කිව්වා. දැන් එහෙම කිව්ව එක්කෙනෙක්වත් නැහැ. රසායනික පොහොර තහනම් කලා විතරයි දැන් ඔක්කොටම ඉන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා විතරයි.”

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ, ඇඹිලිපිටිය නගර සභාවේ පැවැති කහපැල බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස