මේ රටට ආදරේ කරන කිසි ම නායකයෙක් නෑ…! ලංකාවේ ඉම්රාන් ඛාන් වෙල රට හදන්න මම ලේස්තියි….!

July 5, 2021 at 7:23 am | by emanisa.lk

ඉදිරියේ දී රටට නායකත්වය දීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග පවසයි.

අවස්ථාව ලැබුණහොත් රට වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින බව පැවසූ අර්ජුන රණතුංග, 2015 වසරේ දී මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස යෝජනා කළේද තමා යැයි ද සඳහන් කළේය.

“අර්ජුන රණතුංගට සමහරුන් ළඟ තියෙන්නේ ලොකු බයක්. ඒක නිකන්ම නිකන් බයක් නොවෙයි. දේශපාලන බයක්. මොකද මම ඉම්රාන් ඛාන් කෙනෙක් වෙයි කියලා සමහරුන්ට බයක් තියෙනවා. ඉම්රාන් ඛාන් කෙනෙක් ඕන නම් මට ඒක වෙන්න පුළුවන්. මේ රටේ මිනිස්සුන්ට ඕන නම් එහෙම වුණාම මොකද වෙන්නේ. ක්‍රීඩාව කරනකොටත් දේශපාලනය කරන කොටත් මම හරි දේ කළා. හොරකම් කරන්න දුන්නේ නෑ. කරන්න දීපු ආයතන සුද්ද කළා.

මට අවස්ථාව ලැබුණොත් රට හදන්න එනවා. මම මෙච්චර කල් බෙල්ල දෙන්න ආවෙ නෑ. මේ ක්‍රීඩාවෙන් එළියට ගිහිල්ලා මම බෙල්ල දෙන්න එනවා. මම මේ දක්වාම හිතුවේ මේ රටේ ඕනෑ තරම් නායකයෝ ඉන්නවා කියලයි. නමුත් මට දැන් පේනවා මේ රටට ආදරය කරන නායකයෝ නැහැ කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *