මේ දවස්වල වහිනවා…. පයින් යන්න බෑ…! සංචරණ සීමා ලිහිල් කළා ම වාහනෙන් යන්න ඉඩ දෙනු….! – එජාපය…

May 24, 2021 at 8:37 pm | by emanisa.lk

සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවේ වාහන භාවිතය තහනම් කරන්නේ කුමන නීතියක් යටතේ දැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරයි.

සංචරණ සීමා පැනවීමට ගත් තීන්දුව ප්‍රශංසාත්මක වුව ද එම සීමා ලිහිල් කළ අවස්ථාවල ජනතාවට වෙළඳපොළට, බැංකුවට සිය වාහනයෙන් යාමට ඉඩදිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එජාපය පවසයි.

මේ දිනවල අධික වැසි සහිත කාලගුණයක් පවතින බවත් ජනතාවට පයින් යා නොහැකි බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *