මේ ජනතාව රැස්කර උද්ඝෝෂණ කළ යුතු අවස්ථාවක් නෙවෙයි…! සෞඛ්‍ය අංශ අපහසුවෙන් දිනාදුන් ජයග්‍රහණය ආපසු හරවන්න එපා…! – උපුල් රෝහණ…

November 15, 2021 at 9:32 am | by emanisa.lk

කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවීමට කටයුතු නොකරන්නැයි සියලු ම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කීපයක් ලබන 16 වැනිදා කොළඹට සෙනඟ කැඳවා උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා කර ඇති බව පැවසූ උපුල් රෝහණ, ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව උද්ඝෝෂණ පැවැත්වීම සෞඛ්‍ය අංශ විදියට ගැටළුවක් නැති වුවත් එවැනි ක්‍රියාකාරකම්වල මේ අවස්ථාවේදී නියැලීමෙන් සෞඛ්‍යමය වශයෙන් ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බව පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේදී සෞඛ්‍ය නීතිවලට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් බව ද හෙතෙම සඳහන් කළේය. රටේ කොවිඩ් රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බවත් මේ තත්වය නිසා සියලු දෙනා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් බවත් උපුල් රෝහණ වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *