මේ කුහකයෝ එදා හිටියා නම් පරාක්‍රමබාහු රජතුමාට වැව හදන්න දෙන්නේ නෑ…! – රොෂාන්…

September 30, 2021 at 12:56 pm | by emanisa.lk

රටේ සංවර්ධනයට එරෙහි කුහක කණ්ඩායම පරාක්‍රමබාහු රජ දවස සිටියේ නම් ගස් කපා වේල්ලක් හදන්නේ යැයි උද්ඝෝෂණය කරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

එම කුහක කල්ලියට උවමනා ආකාරයට රජය වැඩ නොකරන බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

පොළොන්නරුවේ දරු පවුල් පරාක්‍රම සමුද්‍ර බැම්ම මත හිඳ ගැනීමට තැනක් නොමැතිව ගල් උඩ ඉඳගෙන සිටින බවත් රජය හැම විට ම කටයුතු කරන්නේ ජනතා සුභ සිද්ධිය උදෙසා බවත් ඔහු අවධාරණය කරයි.

නගරය ම අඳුරේ පවතින බවත් එය ආලෝකවත් වනු බලා සිටිය නොහැකි ඉරිසියාකාරයින් සිටින බවත් රොෂාන් රණසිංහ පෙන්වා දෙයි.

අද (30) පෙරවරුවේ දියබෙදුම ප්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *