මේ ආණ්ඩුව යන්නේ අපේ ආණ්ඩුව ගිය පාරෙමයි…! ලාෆ් ගෑස් ගන්න යන්නේ ගජමිතුරු ඩීල් එකකට…! – කබීර් හෂීම්….

June 5, 2021 at 10:55 am | by emanisa.lk

රජයේ ලිට්‍රො ගෑස් සමාගම මගින් ලාෆ් ගෑස් සමාගම මිලට ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.

මෙම ගනුදෙනුව ගජමිතුරු ඩීල් එකක් බවත් ලාෆ් ගෑස් සමාගම ලංකා බැංකුවට සහ මහජන බැංකුවට රු. බිලියන 23ක ණයක් ඇති බවත් මන්ත්‍රීවරයා පවසයි.

ගෑස් වෙළෙඳපොළේ 75%ක් පාලනය කරන්නේ ලිට්‍රෝ සමාගම බවත් කෝටි ගණන් වියදම් කර ලාෆ් ගෑස් සමාගමේ ණය භාර ගැනීමේ උවමනාවක් එම සමාගමට නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

2018 යහපාලන ආණ්ඩුව සමයේ ද මෙම ගනුදෙනුව සිදුකිරීමට ගොස් අධිකරණයෙන් එය තහනම් කළ බව ද කබීර් හෂීම් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *