ගව ඝාතනය තහනම් කරනවා යැයි කියමින් වත්මන් ආණ්ඩුවක් ගවයන් ද රැවටූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.
ගව ඝාතනය තහනම් කිරීම යනු පුස් වෙඩිල්ලක් බවත් එවන් තහනමක් පනවා නැති බවත් ඔහු පැවසීය.
වත්මන් ආණ්ඩුව මිනිස්සු පමණක් නොව ගවයන් ද රවටා ඇතැයි අද සමහරුන් පවසන බව ද මන්ත්රීවරයා පැවසීය.
එම පෙරමුණ විසින් සංවිධානය කර ජන හමුවක දී ඔහු එම අදහස් පළ කළේය.