මේ ආණ්ඩුව බෙර ගහන්නේ නෑ! වැඩ විතරයි! – රනිල්

March 2, 2019 at 11:26 am | by admin

එජාප ආණ්ඩුව වැඩ කර ජනතාවට සෙත සැලසීම මිස බෙර ගැසීම නොකරන බව ද කිසිම රටක පාසල් ගොඩනැඟිලි 200ක් තනා එකවර විවෘත නොකළ බව ද අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ කටයුතු දැනගෙන සිටියේ කිහිප දෙනෙකු බව ද මේ ආකාරයට වැඩ කළ නොහැකි අය කෑ ගසන බව ද හෙතෙම පවසයි.

වැඩි දුරටත් අගමැතිවරයා මෙසේ පැවසීය.

“ඔවුන් මාසයකට එක ගොඩනැඟිල්ලක් විවෘත කර උත්සවයක් තබනවා. මාධ්‍යවල දානවා. සිංහල බෞද්ධයා පාව දෙනවා. ත්‍රස්තවාදය තවමත් රටේ තියෙනවා කියනවා. දූෂණය තියෙනවා කියනවා.”

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකරන ලද ගොඩනැඟිලි 200ක් විවෘත කිරීමේ ජාතක උත්සවය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස