මේ ආණ්ඩුව පත්කළේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්න නෙමෙයි..! – විදුර…

October 8, 2021 at 2:06 pm | by emanisa.lk

ජනතාව වර්තමාන ආණ්ඩුව පත්කාළ් වත්ත බද්දට දී ඇස්සට දත නියවීමේ අපේක්ෂාවෙන් නොවන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

පසුගිය දා (04) ගාල්ලේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

අපේ රටට වෙන රටවල නායකයෝ එනවා වගේ ම අපේ රටේ නායකයොත් විදෙස් රටවලට යන බවත් මෙහි සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබේ දැයි තමා නොදන්නා බවයි, රාජ්‍ය ඇමැතිවරයා පවසන්නේ.

ආණ්ඩුව බලයට පත්වන විට සඳහන් කළේ රටේ කිසිදු සම්පතක් විදේශයන් සතු නොකරන බව යැයි පෙන්වා දෙන ඇමැතිවරයා විදේශයන් යනු රටක් හෝ රාජ්‍යයක් පමණක් නොවන බවත් අවධාරණය කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *