මේ ආණ්ඩුව නිසා සිංහල බෞද්ධයෝ ලක්ෂ ගණනින් රට අතහැර යනවා….! – වජිර අබේවර්ධන…

July 16, 2021 at 9:07 am | by emanisa.lk

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වෙනත් රටවලට යාම සඳහා ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 06කට අධික සංඛ්‍යාවක් මේ වන විට මෙරට තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල හරහා වීසා අයැදුම්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති වජිර අබේවර්ධන සඳහන් කරයි.

මෙලෙස වීසා අයැදුම්කර ඇති පිරිස අතර බහුතරය සිංහල බෞද්ධයින් යැයි ද ඔහු පවසයි.

උගතුන් වියතුන් මෙසේ රට හැර යාමට මේ තරම් පිරිසක් ඉදිරිපත්වීම වාර්තා වන පළමු අවස්ථාව බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *