ආණ්ඩුවේ වැඩ ගහෙන් වැට්ට මිනිහට ගොනා ඇන්නම ට්‍රැක්ටර් එකක් උඩින් ගියා වගේ! ආර්ථිකය හදන්න එජාපයට ආණ්ඩු බලය දෙන්න!- රනිල්

July 6, 2020 at 7:52 am | by emanisa.lk

ලෝක බැංකුවෙන් කොරෝනා මර්දනය සඳහා ආණ්ඩුවට ලබා දුන් මුදල්වලට කුමක් වූයේ දැයි තමන් නොදන්නා බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

වෙන රටවල විදුලි බිලට පවා සහන දුන්නත් අපේ රටේ ජනතාවට බොරු කියා රැවටූ බවට හෙතෙම චෝදනා කරයි.

මුලින්ම විදුලි බිල නොගෙවන ලෙස පවසා අනතුරුව මාස තුනකින් ගෙවන්නට කියූ බවත් එම බිල මාස හයක බිලක් තරම් වැඩි බවත් ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව මෙහිදී වැඩ කළේ ගහෙන් වැට්ට මිනිහට ගොනා ඇන්නම ට්‍රැක්ටරේ උඩින් ගෙනිච්චා වගේ යැයි ද එජාප නායකයා සඳහන් කළේය.

මේ රටේ අද ඇති විදේශ විනිමය හිඟයට ආදායම් හිඟයට තමා සතුව විසඳුම් ඇති බවත් එජාපය යනු මේ රටේ ආර්ථිකය හදන ආණ්ඩුව හදන පක්ෂය බවත් රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස