මේ ආණ්ඩුවේ මම කියන දේ අහන එකෙක්වත් නෑ! – ජනපති

March 8, 2019 at 4:17 pm | by admin

වර්තමාන ආණ්ඩුවේ තමාගේ අවවාද උපදෙස් පිළිගන්නා කිසිවකු නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. කොළඹ නුවර අධිවේගී මාර්ගය තැනීමේ දී කඳු සමතලා නොකර එම කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ට දැනුම් දුන්න ද ඊට ඇහුම්කන් නොදී කඳු කපා පරිසරය විනාශ කරමින් ඉදිකිරීම් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

පරිසරය ඇමතිවරයා ලෙස කොළඹ ලොකු හාදයාට මෙන්ම නුවර ලොකු හාදයට ද කඳු නොකපා අධිවේගී මාර්ගය තනන ලෙස තමා උපදෙස් ලබා දුන්න ද ඉන් පලක් වී නොමැත. අදත් කුරුණෑගල සිට නුවරට ගමන් කිරීමට ගතවන්නේ විනාඩි 35ක් පමණි. එහෙයින් පරිසරය විනාශ නොකර මාර්ගය තනන ලෙස උපදෙස් දුන්න ද බලධාරීන් ඒවා නොතකා පරිසරය විනාශ කරන බවට ජනාධිපතිරයා චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *