වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවේ ඡන්ද 134 කින් පත්වූ වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අද වන විට සහයෝගය දක්වන්නේ මන්ත්‍රීවරු 92 පමණක් හෙයින් මේ වන විට ආණ්ඩුවේ සරල බහුතරය පවා අහිමිවී ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තව දින 46 කින් අවසන් වන බව කී පීරිස් මහතා, වත්මන් විපක්ෂ නායකවරයාගේ ජය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්ති අඩිතාලමක් කරගෙන මෑත කාලයේ බිහිවූ දැවැන්ත සන්ධානය මේ මස 8 වැනිදා බිහිවන බව ද සඳහන් කළේය.
කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවක දී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.