ජනතාව දේශපාලඥයින් පිළිගත් කාලය අවසන් යුගයට පැමිණ ඇතැයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවයයි.
“ලෝකයේ තෙල් මිල අඩු වුණා කියලා. අපේ රටේ තෙල් මිල අඩුවෙන්නේ නැහැ. මොක ද මේක ලංකාවනේ දෙයියනේ. හැමදාම ඔය වගේ වැඩ තමයි සිද්ධ වුණේ. ඊට ප්‍රධානතම හේතුව ආර්ථික කළමනාකාරණයක් නැතිකම.
ආර්ථික දැක්මක් ඉලක්කයක් තියෙන්න පුළුවන්. හැබැයි ඉලක්කය කරා යන පැහැදිලි මාර්ගයක් තියෙන්නේ ඕනේ. තෙල් මිල වැඩි වුණා ම අනිවාර්යයෙන්ම බඩු මිල වැඩි වෙනවා. ඒ බර දරන්නේ මේ රටේ ජනතාව. බස් ටිකටි එක වැඩි වෙනවා. ත්‍රිරෝද රථ ගාස්තු වැඩි වෙනවා. ජනතාව පිඩාවට පත් කිරිම නුසුදුසුයි. ඒකයි අපේ පෞද්ගලික මතය.
හරි දේට හරි කියන එකත් වැරදි දේට වැරදියි කියන එකත් ඉස්කෝලෙ යන කාලෙත් මම කිවිවා. ජනතාව දේශපාලඥයන් පිළිගත් කාලය අවසන් වී දේශපාලනඥයින් ජනතාව පිළිගන්නා යුගය දැන් එළඹී තිබෙනවා.”
බලන්ගොඩ ඉඔුල්පේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නව සංස්කෘතික මධ්‍යස්ථාන විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යාවරයා මේ බව කීය.