මේ අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය බංකොලොත් වෙනවා…! – අනුර

March 12, 2021 at 6:32 pm | by emanisa.lk

මේ වසරේදී ශ‍්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයට පත්වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප‍්‍රකාශ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 03ක් මෙම වසරේදී බංකොලොත් වීමට නියමිත බවට ඔවුන් පුරෝකතනය කර ඇති බවද අනුර දිසානායක කීය.

කොළඹ නව නගර ශාලාවේ පැවති එම පක්‍ෂ සම්මන්ත‍්‍රණයකදී ඔහු මේ බව පැවසීය.

මෙරට ආර්ථිකයේ ඇති වී තිබෙන ප්‍රධානම ගැටලුව ණය අර්බුදය බවත් අද මෙරට ණය ධාරිතාව ඔරොත්තු නොදෙන මට්ටමක ඇති බවත් ඔහු අනාවරණය කළේ ය .

අද ආණ්ඩුවේ සියලු ආදායම ණය ගෙවීමට යොදවන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඒ අනුව ජනතාවගේ සියලු සේවාවන් කප්පාදු කිරීමට සිදුව ඇති බවත් ඔහු තව දුරටක් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස