මේ අල්ලාඃ දෙවියන්ගේ භූමියයි! අල්ලාඃ විශ්වාස නොකරන අයට හිමි මරණයයි! අල්ලාඃගේ භූමියට අපි ලේ පුදනවා! – මරාගෙන මැරෙන්න මොහොතකට පෙර ත්‍රස්තවාදීන් කී කතාව…

April 28, 2019 at 12:18 pm | by admin

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පිළිබඳ ලද තොරතුරු අනුව ආරක්ෂක අංශ නිවස වැටලූ අවස්ථාවේ එහි රැඳී සිටි මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීමට මොහොතකට පෙර වීඩියෝවක් නිකුත් කර තිබේ.

එහිදී ඔවුන් ප්‍රකාශ කරන අදහස් මෙසේය.

“මේ භූමිය අයිති අල්ලාඃ දෙවියන්ටයි. අල්ලාඃ දෙවියන් කෙරෙහි විශ්වාසය නැති අයට මේ භූමිය අයිති නොවන බැවින් ඔවුන් ඝාතනය කළ යුතුයි.

ඒ අරමුණේ අපි දිගටම ඉන්නවා. අල්ලාඃ දෙවියන් අදහන්නේ නැති අය අපි අත්අඩංගුවට ගන්න එන බව ආරංචි වුණා. ඊට ඉඩ නොදී අල්ලාඃ දෙවියන්ගේ භූමියට අපේ ලේ පුද කරනවා. අපේ අරමුණ ඉෂ්ට කරගන්නා තුරු අපි ඉදිරියට යනවා. අපි වගේ තවත් අය ඉන්නවා.”

මෙම පිරිස ආරක්ෂක අංශ විසින් වටලා ඇති බව ආරංචි වූ විට ඔවුන් තමන් සතුව පැවති මුදල් අවට ජනතාව වෙත විසි කරමින් ඔබලා වෙනුවෙන් අප ජීවිත පූජා කරන්නේ යැයි පවසා තිබේ. ආරක්ෂක අංශ ප්‍රහාරවලින් නිවසේ රැඳී සිටි පිරිමි 06ක් ගැහැනු 03ක් සහ ළමුන් 06ක් ඝාතනය වූ අතර තුවාල ලැබූ කාන්තාවක සහ දරුවකු රෝහල්ගත කෙරිණි. මෙම කාන්තාවන් තිදෙනා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය අයගේ භාර්යාවන් බව ද ඔවුහු එම වීඩියෝ දී පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස