මේ සුපිරි අයවැය නිසා එජාප ආණ්ඩුව 2035 වනතුරු හොල්ලන්න බෑ! – දයා ගමගේ

March 17, 2019 at 3:18 pm | by admin

මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබා දීමත් ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයයෙන් බැහැර රජයක් 2035 වසර වනතුරු බිහි නොවනු ඇතැයි අමාත්‍ය දයා ගමගේ පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නිදහස අනවශ්‍ය ලෙස භුක්ති විඳීමට යාමෙන් ඉදිරියේදී කණගාටුවවිමට සිදුවනු ඇති බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් ඔහු පසුගියදා ප්‍රකාශ කලේ මුදල් අමාත්‍යාංශයෙන් තම අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමාණවත් මුදලක් නොලැබෙන බවත් මේ තත්ත්වය වෙනස් නොවුණහොත් තමා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස