මේ අයවැය ආණ්ඩුවේ අසාර්ථක ගමනේ දිගුවක් විතරයි! ඇස්පනාපිට ආර්ථිකය කඩා වැටෙනවා! – ජවිපෙ

March 6, 2019 at 8:24 am | by admin

ආණ්ඩුව මෙතෙක් අනුගමනය කළ අසාර්ථක ආර්ථික ගමනේ තවත් දිගුවක් පමණක් මෙවර අයවැයෙන් ද දැකගත හැකි වනු ඇතැයි ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

මහා ආර්ථික ඔස්තාර්ලා, ආර්ථික විශේෂඥයන් කියූ පුද්ගලයන් අද රටේ ආර්ථික අර්බුදය තවත් තීව්‍ර කොට ඇති බවට මන්ත්‍රිවරයා චෝදනා කළේය. එම නිසා මෙවර අයවැයෙන් ද මහා ලොකු වෙනසක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවද හෙතෙම කීය.

ඔහු පැවැසුවේ රට විශාල ණය උගුලක හිරවීම, නිෂ්පාදන කඩා වැටීම, රැකියා විරහිතභාවය ඇතුළු මූලික ගැටලු තවත් උග්‍ර වීම හේතුවෙන් රට ආර්ථික ප්‍රපාතයට ඇද වැටීම ඇස් පනාපිට සිදුවෙමින් පවතින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *